ජනපති ලේකම්ගේ නව විකුණන පිරිසක් ගැන තොරතුරු

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ සහ රජයේ සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම සඳහන් කරමින් ණය ඇතුළු වෙනත් පහසුකම් ලබා ගැනීම සඳහා නිලධාරින්ට බලපෑම් කරන පිරිසක් ගැන තොරතුරු ලැබී තිබෙනවා..

ලේකම්වරයාට මේ තොරතුරු හෙළි කර ඇත්තේ රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙකු විසිනුයි. 

තමා රජයේ සේවයේ නිරතව සිටී මුළු කාලය තුළම පෞද්ගලික උදව් ලබාගනු පිණිස කවර හෝ බැංකුවකට හෝ රාජ්‍ය ආයතනයකට හෝ කිසිදු බලපෑමක් කර නැති බවත්, වෙනත් තැනැත්තෙකුට එසේ සහය වී නැති බවත් ආචාර්ය ජයසුන්දර ප්‍රකාශ කළා.