ඇමරිකාවේ නිවේදනයට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප‍්‍රතිචාර

වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමරිකාවට ඇතුලුවීම තහනම් කිරිම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී‍්‍ර ලංකාව දැඩි විරෝධයක් දක්වන බවයි නිවේදනයේ සඳහන් වන්නේ. තහවුරු නොකළ තොරතුරු මත පදනම්ව ඇමරිකාව එම තීරණයට එළඹ තිබෙනවා. ජේ්‍යෂ්ඨතාවය සැලකිල්ලට ගනිමින් එවක රාජ්‍ය නායකයා ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපතිවරයා ලෙස නම් කළා. ඔහුට එරෙහිව කිසිදු මානව හිමිකම් උල්ලංගනයක් හෝ වෙනත් ඔප්පු කළ චෝදනාවක් එල්ලවී නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කළේ.

ජේ්‍යෂ්ඨ හමුදා නිලධාරියෙකුවීම හේතුවෙන් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස ද පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගත්තා. ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයට පත්ව මාස 6 කට මෙම තහනම පැනවීම සම්බන්ධයෙන් ගැටලු මතුවන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුලු පවුලේ සාමාජිකයන්ට ඇමරිකාවට ඇතුලුවීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කළේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින්.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish