ලංකාවේ ලාදුරු රෝගය තවමත් පැතිරෙන බව හෙළිවෙයි

Sri Lanka

ලාදුරු රෝගය මෙරටින් තුරන් වී ඇතැයි මතයක් පැවතුණද සෑම වසරකම ලාදුරු රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් තවමත් වාර්තා වන බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා පවසනවා.

මෙම වසරේ ජනවාරි මාසයේදී වාර්තා වූ ලාදුරු රෝගීන් ගණන පසුගිය වසරේ ජනවාරියේදී වාර්තා වූ රෝගීන් ගණනට වඩා සියයට පනහකින් වැඩිවී ඇති බවයි ඔහු කියා සිටියේ.

මෙසේ වාර්තා වී ඇති රෝගීන් අතර වයස අවුරුදු 10ත් 14ත් අතර පාසල් දරුවන් 181 දෙනකු ද වනවා.

ඔවුන් අතරින් එක් දරුවකු මේ වනවිට ස්නායු ආබාධ සහිතව රෝගාතුරව ඇති බවයි තහවුරු කර ඇත්තේ.

දරුවකුට මෙම රෝගය වැලඳුණහොත් විශාල දරුවන් පිරිසකට එය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින අතර එබැවින් රෝගය හඳුනාගත් මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබාගත යුතු බව වෛද්‍ය අංශ පවසනවා.

එසේම මුලදී රෝගය හඳුනානොගත් මේ වනවිට සුව කළ නොහැකි ආබාධිත තත්ත්වයේ පසුවන 93 දෙනකු වන බවද සදහන්.

මේ වන විට වැඩිම ලාදුරු රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.

කාන්තාවන්ට වඩා පිරිමින්ට මෙම රෝගය වැලඳීමේ අවදානම ඉහළ බවද හෙළිවී ඇති අතර මෙම රෝගයට ගොදුරු වී ඇති රෝගීන් අතරින් බහුතරයක් වයස අවුරුදු 35-45ත් අතර සිටින පිරිමි පුද්ගලයන් වනවා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *