දියවැඩියා රෝගීන්ට වැඩි හෘදයාබාධ අවදානමක්

 දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට හෘදයාබාධ වැළඳීමට ඇති අවදානම වෙනත් රෝගවලට වඩා ඉහළ මට්ටමක පවතිනවාද?
 
 ඔව්. දියවැඩියාව රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට හෘදයාබාධ පමණක් නොව, අංශභාගය රෝගයට ගොදුරුවීමේ ඉඩකඩක් සාමාන්‍ය පුද්ගලයනට වඩා වැඩියි.
 
 මේ සඳහා බලපාන හේතු රාශියක් තිබෙනවා. දියවැඩියා රෝගයේදී රුධිර සීනි මට්ටම නිසිලෙස පාලනය නොකළහොත් රුධිරයේ සීනි මට්ටම ඉහළ ගොස් එමගින් රුධිර නාළවල ඇතුළත බිත්ති හානියට ලක්කරනවා. මෙලෙස රුධිර නාළ ඇතුළත බිත්ති හානියට ලක්වීම නිසා එම ස්ථානවල කොලෙස්ටරෝල් තැන්පත්වීම අධික වෙනවා.:්එයැරදිජකැ රදිසි*
 
 එසේ අධික ලෙස කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් රුධිර නාළ ඇතුළත විවරය සිහින් වීමට ලක්වෙනවා. එවිට එවැනි සිහින් වූ ස්ථානයක් ඉතා ඉක්මනින් පුපුරා යා හැකියි. එවැනි පුපුරා යෑමකින් පසු හටගන්නා ලේ කැටියක් මගින් හෘදයාබාධයක් හෝ අංශභාග රෝග තත්ත්වයක් මතුවිය හැකියි.
 
 මීට අමතරව බලපාන තවත් එක් හේතුවක් වනුයේ දියවැඩියා රෝගීන්ගේ සිරුර තුළ කොලෙස්ටරෝල් තැන්පත්වීම සාමාන්‍ය පුද්ගලයන්ට වඩා වැඩිවීමය.
 
 එම තත්ත්වය නිසාත් හෘදයාබාධ සහ අංශභාගය යන රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩි වෙනවා.
 
 එසේම දියවැඩියා  රෝගීන් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා අධි රුධිර පීඩනයට ලක්වීමේ අවදානමත් වැඩියි.
 
 මෙයත් හෘදයාබාධ සහ අංශභාගය ඇතිවීමට බලපානවා.
 
 එනිසා දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් නිසි ලෙස තම රුධිර සීනි මට්ටම පාලනය කර නොගත හොත් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ඉතා ඉක්මනින් හෘදයාබාධ සහ අංශභාගය රෝගයට ගොදුරු වෙනවා.
 
 සාමාන්‍ය පුද්ගලයකුට හෘදයාබාධයක් හෝ අංශභාගය රෝගයට ගොදුරුවීමේ අවදානම ඇතිවෙන්නේ වයස අවුරුදු 60 දී නම් දියවැඩියා රෝගියකුට එම අවදානම වයස අවුරුදු 50 සිට පවතිනවා. එනම් සාමාන්‍ය පුද්ගලයකුට වඩා අවුරුදු 10 කට පෙර හෘදයාබාධ සහ අංශභාගය වැනි රෝගවලට ලක්වෙනවා.
 
 වෛද්‍යතුමනි, මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා දියවැඩියා රෝගීන් අනුගමනය කළ යුතු පියවර මොනවාද?
 
 ඒ සඳහා ප‍්‍රධාන වශයෙන්ම සිදුකළ යුත්තේ තමාගේ රුධිර සීනි මට්ටම පාලනය කර ගැනීමය. එසේ රුධිර සීනි මට්ටමම පාලනය කර ගන්නා අතර කොලෙස්ටරෝල් මට්ටම ද පාලනය කර ගත යුතුයි. එය සාමාන්‍ය පුද්ගලයකුගේ පැවතිය යුතු කොලෙස්ටරෝල් මට්ටමටත් වඩා අඩු මට්ටමකින් පවත්වා ගත යුතුයි.
 
 වෛද්‍ය පර්යේෂණවලට අනුව හෙළි වී ඇත්තේ සාමාන්‍ය පුද්ගලයකුගේ සිරුරේ එල්.ඞී.එල්. කොලෙස්ටරා්ල් මට්ටම 190 ට වඩා අඩු අගයක පවත්වා ගත යුතු බවත්, දියවැඩියා රෝගීන් එම මට්ටම 100 ට වඩා අඩු අගයකින් පවත්වා ගත යුතු බවත් ය.
 
 එනිසා දියවැඩියා රෝගීන්ට ඔවුන්ගේ එල්.ඞී.එල්. කොලෙස්ටරෝල් මට්ටම 100 ට වඩා අඩු අගයක පැවතියත් එය පාලනය සඳහා ඖෂධ ලබාදීමට වෛද්‍යවරු පියවර ගන්නවා. මේ බව වෛද්‍යවරුනුත්
 
 රෝගියාට පැහැදිලි කර දිය යුතුයි.
 
 ඊට හේතුව වන්නේ කොලෙස්ටරෝල් සම්බන්ධව සිදුකළ වාර්තාවේ තමාගේ කොලෙස්ටරෝල් අගය 100 ට අඩුව පවතින විටත්, වෛද්‍යවරයා කොලෙස්ටරෝල් පාලනය සඳහා ඖෂධ ලබා දී ඇතැයි කියා රෝගීන් සැකයෙන් බැලීමයි.
 
 වර්තමානයේ දියවැඩියා රෝගීන් සම්බන්ධව සිදුකර ඇති නවතම පර්යේෂණවලට අනුව සොයාගෙන ඇත්තේ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලන්ට වයස අවුරුදු 40 න් පසු ඔවුන්ගෙ කොලෙස්ටරෝල් අගය සාමාන්‍ය මට්ටමේ පැවතියත් කොලෙස්ටරෝල් පාලනය සඳහා ඖෂධ කිසියම් මාත‍්‍රාවක් ලබාදීම සුදුසු යැයි කියා ය.
 
 එමගින් ඔවුනට හෘදයාබාධ සහ අංශභාගය රෝගය ඇතිවීමේ අවදානම පාලනය කරගත හැකි බව හඳුනාගෙන තිබෙනවා.
 
 මෙලෙස සීනි සහ කොලෙස්ටරෝල් අගය පාලනය කර ගන්නා අතර රුධිර පීඩනය පාලනය කර ගැනීම, දුම්පානයෙන් වැළකි සිටීම, සිරුරේ බර පාලනය කර ගැනීම මේදය අධික ආහාර ගැනීම පාලනය කිරීම ආදියත් සිදුකළ යුතුයි.
 
 මෙලෙස කටයුතු කිරීමෙන් දියවැඩියා රෝගීන්ට හෘදයාබාධ සහ අංශභාගය යන රෝගවලට ඉතා ඉක්මනින් ගොදුරුවීමට ඇති අවදානම් සහිත බව පාලනය කර ගත හැකියි.

weda3
176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ