අමතකවීම ලෙඩක්ද ?

ලොවට සාපේක්ෂතාවාදය හඳුන්වාදුන් මහා ප‍්‍රාඥයකු වන ඇල්බට් අයින්ස්ටයින්ට් යනු තම එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතු නිතර අමතක වන පුද්ගලයකු ලෙසින් ප‍්‍රසිද්ධය. කොටින්ම කියනවා නම් ඔහුට ඇතැම් අවස්ථාවලදී තම නිවසෙහි ලිපිනය ද අමතක වේ. ඒ අනුව අප වැනි සාමාන්‍ය පුද්ගලයනට ඇති වන අමතක වීම් ගැන එතරම් බිය විය යුතු නැතැයි කියා සිතේ. නමුත් ඕනෑවට වඩා අමතක වීම රෝගයකි.
 
 වෛද්‍යතුමනි අමතක වීම සෘෂි නාඩි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ කෙසේද?
 
 අප සෑම කෙනෙකුටම උපතින් හිමි වන ඥාන ශක්තියක් ඇත. ඒ සඳහා පෙර කුසල් අකුසල් බලපානු ලබයි. මෙම ඥාන ශක්තිය අනුව තම තමුන්ගේ මතක ශක්තිය ද තීරණය වේ. ඒ නිසා කිසියම් පුද්ගලයකුගේ මතක ශක්තිය තීරණය වන්නේ ඔවුන්ගේ පෙර කුසල් අකුසල් අනුව බව සෘෂි නාඩි වෛද්‍යතුමන්ලා පවසා ඇත.
 
 වෛද්‍යතුමනි නිතර අමතකවීම රෝගයක් ද?
 
 නිතර අමතක වීම ලෙස පවසන්නේ එදිනෙදා අප මුහුණදෙන සාමාන්‍ය සිද්ධීන්ය. උදාහරණයක් ලෙස අපට දවසේ කළ යුතු වැඩ රාශියක් ඇත. එවිට ඉන් එකක් දෙකක් අමතක වේ.මෙය සාමාන්‍ය තත්ත්වයකි. මන්දයත් අපගේ මොළයේ ගබඩා වන සිද්ධීන්වලින් සියල්ල මතකයට නැෙඟන්නේ නැත. අප ප‍්‍රමුඛව සිතන සිද්ධීන්වලට මුල්තැන හිමි වේ. අන් සිද්ධීන් යටපත් වේ. නමුත් ඒවා මොළයේ ගබඩා වී ඇති නිසා යම් මොහොතක මතකයට නැෙඟ්. එබැවින් අපට අත්‍යවශ්‍යයෙන් මතක තබාගත යුතු කරුණු සඳහා ප‍්‍රමුඛත්වය දීමෙන් ඒවා ඉතා ඉක්මනින් මතකයට නැෙඟ්.
 
 ඒ සඳහා අපට විවිධ උපක‍්‍රම භාවිතා කළ හැකිය. මතක තබාගත යුතු ප‍්‍රධාන කරුණු සිහියට නංවා ගැනීමට කෙටි සටහන් තබාගත හැකිය. එතරම් වැදගත් කමක් නැති කරුණු සම්බන්ධව වැඩි අවධානයක් යොමු නොකළ යුතුය. ඇතැම් පුද්ගලයනට ඉතා සුළු සිද්ධියක් වුව මතකයේ ගබඩාවී තිබේ. එය ඔවුනගේ පෙර කුසල් මත ඇති වන හැකියාවකි. මෙවැනි පුද්ගලයන් තුළ සුවිශේෂී ගති ලක්ෂණ පවතී.
 
 අමතක වීම රෝගයක් බවට පත්වන්නේ අප එදිනෙදා කළ යුතු සාමාන්‍ය වැඩකටයුතු පවා සිහියට නැෙඟන්නේ නැති විටදීය.
 
 මෙය නිතර නිතර සිදුවේ නම් ඒ සඳහා නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගත යුතුය. මෙය කිසියම් මානසික රෝගී තත්ත්වයක් නිසා සිදුවන්නක් විය හැකිය. ඇතැම් විට උපතින් ඇතිවූ මන්ද මානසික තත්ත්වයක් විය හැකිය.
 
 වෛද්‍යතුමනි මතක ශක්තිය වර්ධනය කරගත හැකි ඖෂධ තිබෙනවාද?
 
 සෘෂිනාඩි වෛද්‍යවරුන් ඒ සඳහා පවසා ඇත්තේ දිනපතා ගොටුකොළ සහ පලාවර්ග ආහාරයට ගන්නා ලෙසය. කොළකැඳ වර්ග පානය, ¥රියන්, අඹ, ගස්ලබු වැනි පලතුරු වර්ග ආහාරයට ගැනීම ගුණදායකය. ඇඹරැුල්ලා අච්චාරු සහ ඇඹරැුල්ලා දලූ මැල්ලූම් දිනපතා ආහාරයට එක්කර ගැනීමෙන් මතක ශක්තිය වැඩි වන බව සෘෂි නාඩි උතුමන්ලා පවසා තිබෙනවා.
 
 මතක ශත්තිය වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය වැදගත්ම කරුණ වන්නේ මානසික නිරවුල් බවයි. මනස නිරවුල් නැත්නම් අපට කිසිවක් හරිහැටි මතක තබා ගැනීමට හැකි වන්නේ නැහැ. ඒ නිසා නිතර සැහැල්ලූ භවෙන් සිටිය යුතුය. විශේෂයෙන් අධ්‍යාපනය ලබන දරුවන් විෂය කරුණු මතක තබා ගැනීම සඳහා අනවශ්‍ය ලෙස වෙහෙස විය යුතු නැත. දිනපතා විෂය කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම, කෙටි සටහන් තබා ගැනීම සහ විභාග සඳහා අනවශ්‍ය බියක් ඇති කර නොගැනීම තුළින් මතක ශක්තිය වර්ධනය කරගත හැකිය. එසේම විභාගවලට පෙනී සිටින දරුවන් දිනපතා පෝෂ්‍යදායී ආහාර පාන ගත යුතුය. ඒ සඳහා මා ඉහත සඳහන් කළ ආහාර ද දවසේ ප‍්‍රධාන ආහාර වේලට එක් කර ගත හැකිය. එසේ නොවුණහොත් මන්දපෝෂණයට ලක්වීමෙන් මතක ශක්තිය දුර්වලවේ.

weda44
176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ