ටෝකියෝ මැරතන් තරගයේ අදියරක් අවලංගු කරයි

ජපානය තුල කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳ අවදානම හේතුවෙන් ධාවකයන් 38,000 ක් සහභාගීවීමට නියමිත ටෝකියෝ මැරතන් තරඟයේ ආධුනික කොටස අවලංගු කරන බව සංවිධායකයන් නිවේදනය කළා.
ටෝකියෝ මැරතන් පදනම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙවර ආරක්ෂිතව තරගය පැවැත්වීම අසීරු විය හැකි බවයි.
කෙසේ වෙතත් 200ක් පමණ සහභාගී වන ප්‍රධාන ක්‍රිඩකයින්ගේ තරගය පමණක් මෙවර පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මෙවර ටෝකියෝ මැරතන් තරගය පැවැත්වෙන්නේ මාර්තු පළමුවනදායි.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :