ලංකාවේ එකම කොරෝනා රෝගියා සුවය ලබා පිටවෙයි

කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පූර්ණ සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද රෝහලෙන් පිටව ගියා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ඇය රෝහලින් පිටවී කටුනායක ගුවන්තොටුපොළින් අද දිනයේම චීනය බලා යාමට නියමිත බවයි.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ, ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව අදාළ චීන ජාතික කාන්තාවගේ ශරීරයෙන් වෛරසය ඉවත් වී ඇත්දැයි තහවරු කර ගැනීමට පරීක්ෂණ රැසක් සිදු කළ බවයි.

එම සියලු පරීක්ෂණවලදී ඇගේ ශරීරයේ කොරෝනා වෛරසය නොමැති බව තහවුරු වූ බව වෛද්‍යවරයා සඳහන් කළා.

චීනයේ හුබෙයි පළාතේ පදිංචිකාරියක් වූ 43 හැවිරිදි ඇය මෙරට සංචාරයට පැමිණ සිටියදී පසුගිය මස 26 වැනි දා කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ මතුවීමත් සමග රෝහල්ගතවූ අතර පසුව කළ පරීක්ෂණවලදී ඇයට එම වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවුණා.

166

ලංකාවේ ආසාදිතයන්

27

සුවය ලැබූ

134

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ