මේ දිනවල වැඩියෙන් වතුර බොන්න- ජනතාවට ඉල්ලීමක්

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර හයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙස වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායමේ සාමාජික මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලීමක් කරනවා.

ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකළහොත් වකුගඩුවලට බලපෑම් සිදුවිය හැකි බවත් මීට අමතරව සමටත් බලපෑම් එල්ල විය හැකි බවත් මහාචාර්යවරයා සදහන් කළා.

මීට අමතරව උදේ 10.00ත් – සවස 03.00ත් අතර කාලයේදී හැකිතාක් විවේකීව සිටින ලෙසත්, දහවල් කාලයේදී ගමන් බිමන් යාමේදී කුඩයක් හෝ හිස්වැසුමක් භාවිතා කරන යි ජනතාවට දැනුම් දෙන්නේ.

හැකි තරම් තැඹිලි භාවිතා කරන ලෙසත්, කොමඩු හා වැටකොළු, පිපිඤ්ඤා වැනි දිය එළවළු භාවිතා කරන ලෙසද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

166

ලංකාවේ ආසාදිතයන්

27

සුවය ලැබූ

134

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ