අතුරුදන්වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර හමුවෙයි ?

දින කිහිපයක සිට අතුරුදන්ව සිටී කඩවත පොලීසියට අනුයුක්ත කොස්තාපල්වරයාගේ බවට සැකකෙරෙන මළ සිරුරක් පන්නල වේරැහැර බුළුගහවත්ත කැලෑබද ප්‍රදේශයක තිබී සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත එම මළ සිරුර අද උදෑසන සොයා ගත් බවයි.

එම පොලිස් කොස්තාපල්වරයා පසුගිය සඳුදා සිට අතුරුදන්ව සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විසින් හෙළි කළ තොරතුරු මතයි මෙම සිරුර සොයාගෙන ඇත්තේ.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ