‘රියෝ’ සැණකෙළිය ඇරඹෙයි

A member of the samba school Grande Rio performs on the second day of parades at the Sambodromo during the Carnival of Rio de Janeiro.

බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ සැණකෙළිය ඊයේ ආරම්භ කෙරුණා.

ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හා කොවිඩ් 19 වෛරස් ආසාදන තත්වය ද නොතකමින් බ්‍රසීල ජනතාව ඊට ඉහළ ප්‍රතිචාරයක් දක්වා තිබේ. වාර්ෂිකව සංවිධාන කෙරෙන සැණකෙළිය ආරම්භ කෙරුණේ, 1723 දී. ‘ද බිගස්ට් ෂෝ ඔන් අර්ත්’ ලෙස නම් කෙරුණු මෙය, ලොව විශාලතම සංදර්ශනයයි. මෙවර ද සැණකෙළියට සම්බා ඇතුළු නර්තන කණ්ඩායම් 100ක් පමණ එක්ව සිටියි.

සියලු නර්තන කණ්ඩායම් පාගමගේ යෙදෙන අතරතුර, එළිමහන් පීඨිකාව අසළ දී නර්තනයේ යෙදීම අනිවර්ය වෙයි. දක්ෂතා ඇගයෙන අතර ඒ සඳහා විනිසුරු මඩුල්ලක් ද නම් කොට තිබේ. මෙවර සැණකෙළියට ඉදිරිපත් වූ සම්බා නර්තන කණ්ඩායම් අතුරින් රියෝ එලයිට් පාසල් සිසුන්ගේ නර්තනය විශේෂත්වයක් දක්වයි. රියෝද ජෙනයිරෝ සැණකෙළිය නැරඹීමට, ලොව පුරා විදේශිකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්වීමට නියමිතයි. සැණකෙළිය ලබන 26 වැනි දිනෙන් අවසන්.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ