ලංකාවට යළි කොරෝනා ඒමේ අවදානමක්

කොරෝනා වෛරසය යළිත් මෙරටට ඇතුළුවීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, දකුණු කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බවයි.

අද උදෑසන වනවිට කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් 4 දෙනෙකු මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන බව ද ඔහු සදහන් කළා.

දකුණු කොරියාවේ සේවය කරන ලාංකික ශ්‍රමිකයින් රැසකටම නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබීම හා ඉතාලියේ සිට ලාංකිකයන් බහුලව මෙරටට පැමිණීමද මෙම අවදානම වර්ධනයවීමට හේතුවී තිබෙනවා.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ