නන්දිමිත්‍රගේ පහරදීමෙන් අර්ජුණට තුවාල / ප්‍රතිකාර වනජීවියෙන්

සිතුල්පවුවේ ගැමුණු හෙවත් අර්ජුණ නැමති දල ඇතා නන්දිමිත්‍ර නැමති ඇතාගේ දල පහරකට ලක්ව තුවාල ලබා ඇති බව ඌව කලාපයේ වනජිවි ඒකකය පවසනවා. 
එහි පශූ වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා කියා සිටියේ අර්ජුණ ඇතා බරපතල ලෙස තුවාල ලබා ඇති බවයි. 
සිතුල්පව්වේ ගැමුණු නමින් ප්‍රසිද්ධ අර්ජුණ නැමති මෙම ඇතා දැනට යාල ජාතික වනෝද්‍යානයේ සිටින විශාලතම දල ඇතා ලෙසයි සැලකෙන්නේ.
 මද කිපිමෙන් සිටින නන්දිමිත්‍ර දල ඇතා සමග අවස්ථා කිහිපයකදී අර්ජුණ ඇතා සටන් කර ඇති බවයි වාර්තා වන්නේ. 
කෙසේවෙතත් මේ වන විට දළ ඇතාට ප්‍රථිකාර කිරිම ඌව කලාපයේ වනජීවි ඒකකයේ පශූ වෛද්‍යවරුන් විසින් දින කිහිපයක සිට සිදුකරනු ලබයි. 

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ