

කාම්බෝජයට කොරෝනා එන්නත් මාත්‍රාවන් 100,000 ක් හදිසි පදනමකින් ලබා දීමට ඉන්දීය රජය අනුමැතිය ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කාම්බෝජ අග්‍රාමාත්‍ය සම්දේක් හුන් සෙන් කළ ඉල්ලීමට අනුව මෙම එන්නත් ලබාදීමට නියමිතයි.
කාම්බෝජය වැදගත් හවුල්කරුවෙකු ලෙස ඉන්දියාව අගය කිරීම හේතුවෙන් මෙම කඩිනම් ඉල්ලීමට ප්‍රතිචාර දක්වන බවයි ඉන්දියාව පවසන්නේ.
පසුගිය මාසයේ සිට ඉන්දියාව විසින් භූතානය, මාලදිවයින, මොරිෂස්,බහරේන්, නේපාලය, බංග්ලාදේශය, මියන්මාරය, සීෂෙල්ස් සහ ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවලට එන්නත් පරිත්‍යාග කර තිබුණා.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464