

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදන්ව සිටි තරුණයාගේ මෘත ශරීරය සොයා ගෙන තිබෙනවා.
යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අද පස්වරුවේ එම සිරුර හමුවූ බවයි.
යුද හමුදා විශේෂ බලකාය ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ඔහුගේ සිරුර සොයා ගැනුණේ මඩොල්සිම පුංචි ලෝකාන්තයේ පහළ ප්‍රදේශයේ ගලක් මත රැදී තිබියදීයි.
යුද හමුදා විශේෂ බලකා භට පිරිස් රැෆ්ලින් කඹ ආධාරයෙන් අද අලුයම ප්‍රපාතයෙන් පහළට බැස මෙම සෝදිසි කිරීම්වල නිතර වුණා.
හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසුවේ ගලක් මත රැඳී තිබියදී සිරුර හමුවූ බවයි.
දොලොස් දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සමග මෙම සංචාරයට එක්ව සිටියදී අධික මීදුම මධ්‍යයේ මෙම තරුණයා අතුරුදන්වූ බවයි පොලිසියට පැමිණිලි කර තිබුණේ.
මිය ගිය දිනුර විජේසුන්දර සිරස ටීවී ආයතනයේ ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණ ශිල්පියෙකු ද වුණා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471