කොරෝනා අස්සේත් ගාලු කොටුවේ “සුදු සාද.”

මුළු රටම කොරෝනා භීතියෙන් ඇළලී යන පසුබිමක ගාල්ල, කොටුවේ සංචාරකයන් සඳහා වන අවන්හල් ඉදිරිපිට මහා මාර්ගයේ මත්පැන් බොමින් විනෝදමත් වන විදේශීය සංචාරකයන් තවමත් දක්නට ලැබේ.

මහා මාර්ග අවහිර වන පරිදි ක්‍රියාකිරීම සහ ප්‍රසිද්ධ ස්ථානවල මත්පැන් පානයට අදාල පුද්ගලයන්ට එරෙහිව නීතිමට පියවර ගැනීමට පහසු හැකියාවක් පොලීසිය සතුව තිබියදී ශ්‍රී ලාංකිකයන්ට නොමැති මෙම නීතිය කැඩීමේ වරප්‍රසාදය විදේශීකයන්ට හිමි කරනුයේ කවර පදනමක් යටතේ ද යන්න ගාල්ල, කොටුවේ ජනතාව ප්‍රශ්න කරති. එමෙන්ම මහජනයා බහුල ප්‍රසිද්ධ ස්ථානවල නොගැවසෙන ලෙස මෙරට සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දෙන අවවාදය ගාල්ල, කොටුවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට සහ ඔවුන්ට සේවා සපයන අවන්හල් හිමියන්ට නොසැපයීමද ගැටළුවක් බව පෙන්වා දෙන ගාල්ල කොටුව ප්‍රදේශ වාසීන් පවසනුයේ මෙම සංචාරකයන් අතර කොරෝනා ආසාදනය වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි ඉතාලි හා වෙනත් යුරෝපීය රටවල සංචාරකයන් ද කොතෙකුත් සිටිය හැකි බවය.  
  තිලක් සේනාසිංහ  

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :