ඉතාලියේ තත්ත්වය වඩාත් දරුණු වෙයි / දිනකදී කොරෝනා මරණ 475ක්

කෝවිඩ් – 19 වෛරසය පැතිර යාම හේතුවෙන් ඉතාලියේ තත්ත්වය වඩාත් දරුණු අතට හැරී තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ පමණක් එරටින් වාර්තාවන මරණ සංඛ්‍යාව 475ක් දක්වා ඉහළ ගොස් තිබීම බිහිසුණු තත්ත්වයක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ.
අගහරුවාදා දිනය තුල පමණක් ඉතාලියෙන් නව ආසාදිතයන් 3000 ක් වාර්තාවන අතර ඒ අනුව එරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 35,713ක්.
චීනයේ වෛරසය පැතිරීම බරපතලම මට්ටමට පත්වූ අවස්ථාවේදීත් එරටින් දිනකදී වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව වූයේ 150ක් පමණයි. එහෙත් ඉතාලියේ එක්දිනක් තුල මරණ 475 ක් වාර්තාවීම හරහා වෛරසය වඩාත් ප්‍රබලව එරටට බලපෑම් එල්ල කරන බවයි පර්යේෂකයන් පවසන්නේ.
මේ වන විට කෝවිඩ් 19 ආසාදනය හේතුවෙන් ඉතාලියෙන් වාර්තාවන සමස්ථ මරණ සංඛ්‍යාව 2978 ක්.
මේ පිළිබද අදහස් දක්වන ඉතාලි වෛද්‍යවරුන් පවසන්නේ එරට සම්පූර්ණයෙන් වසා දමා තිබුණද ඉන් ප්‍රතිඵලයක් අත්වී ඇත්ද යන්න පිළිබද බරපතල සැකයක් මතුව ඇති බවයි.
ඒ රට වසා දමා තිබියදීත් සීමාවකින් තොරව වෛරසය එරට තුල පැතිරීම මතයි.
වෛද්‍යවරුන් මෙම ආසාදනය මැඩලීමට දැඩි උත්සාහයක් දැරුවද එය යම් මට්ටමකින් හෝ අවම කර ගැනීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ.
මෙම තත්ත්වය තුල මිලියන 60ක් වන සමස්ථ ඉතාලි ජනතාව දැඩි අවදානමක පසුවන බවට බී බී සී පුවත් සේවය වාර්තා කළා.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ