කොරෝනා රසායනාගාරයෙන් කාන්දුවූ වෛරසයක් නොවේ / චීනයට ගිය විද්‍යාඥයන් කියයි

ByLankaAnews

Feb 9, 2021

කොරෝනා වසංගතයේ ආරම්භය විමර්ශනය කරන ජාත්‍යන්තර විශේෂඥයන් කණ්ඩායම වෛරසය රසායනාගාරයකින් පිටතට පැමිණි බවට වූ මතවාදය බැහැර කර තිබෙනවා.
ඒ චීනයේ සිදුකළ දින 10ක විමර්ෂණය අවසානයේ මූලික අදහස් දැක්වීම අනුවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් මාධ්‍ය වෙත කියා සිටියේ වෛරස තැන්පතු පවතින වූහාන් රසායනාගාරයෙන් වෛරසය පිටතට කාන්දූවීම අවම මට්ටමේ හැකියාවක පවතින බවයි.
ඒ අනුව වෛරසයේ ප්‍රභවය හඳුනා ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ අවශ්‍ය බවද ඔවුන් පෙන්වා දෙනවා.
චීනයේ බටහිර හුබෙයි පළාතේ වුහාන් නගරය වෛරසය හඳුනාගත් ලෝකයේ පළමු ස්ථානයයි.
එතැන් සිට ලොව පුරා රෝගීන් මිලියන 106 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ මිලියන 2.3 ක් වාර්තාවී තිබෙනවා.
මෙම පර්යේෂනයට එක්වූ ආචාර්ය එම්බරෙක් මාධ්‍ය හමුවේ පැවසුවේ පරීක්ෂණයෙන් නව තොරතුරු රැසක්ම අනාවරණය වී ඇති නමුත් චීනය සැබෑ තත්ත්වය සම්පූර්ණයෙන් සඟවා නොමැති බවයි.
මිනිසුන්ට වෛරසය පැතිරීමට පෙර මෙම වෛරසය සතුන් තුළ පවතින්නට ඇති බවද ඔවුන් උපකල්පනය කර තිබෙනවා.
වවුලන් හරහා එය කාන්දූ වූ බව සලකනු ලැබුව ද එය වූහාන් නගරයේ හටගත නොහැකි බවයි මෙහි තවත් එක් නිගමනයක් වන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *