කොරෝනා දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රබලම තර්ජනයයි / ජර්මනිය කියයි

Commuters waiting for an U-Bahn underground train at Alexanderplatz station as Berlin authorities took new measures to cancel events with over 1,000 people because of the coronavirus disease (COVID-19) in Berlin, Germany, March 11, 2020. Picture taken with thermal imaging camera. REUTERS/Fabrizio Bensch

දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය මුහුණ දෙන බරපතලම තර්ජනය කොරෝනා වෛරසය බව එරට චාන්සලර් ඇන්ජෙලා මර්කල් පවසනවා.
එරට මාධ්‍ය හරහා ජනතාව අමතමින් ඇය කියා සිටියේ හැකිතාක් ආරක්ෂිත උපදෙස්වලට ගරු කරමින් මේ අවස්ථාවේ කටයුතු කරන ලෙස තමන් ඉල්ලා සිටින බවයි.
රටේ තත්ත්වය අවදානම් වුවද එකමුතුව මෙම අභියෝගයට මුහුණ දීමට සිදුවන බව ඇය අවධාරණය කර තිබෙනවා.
මෙය මෙතෙක් ඉතිහාසය තුල ඇන්ජෙලා මර්කල් එරට ජාතිය ඇමතූ පළමු අවස්ථාවද වනවා.
මේ වන විට ජර්මනියෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 11,846ක්.
ඒ හේතුවෙන් වාර්තාවන මරණ ගණන 28ක්.
එරටදී ආසාදනය වැළදුණු 105 දෙනකු යළි සුවය ලබා තිබෙනවා.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ