නාම යෝජනා භාර ගැනීම අවසන්

පාර්ලිමේන්තු මැතිවරණය සදහා නාමයෝජනා  භාර ගැනීම මධ්‍යහ්න දොළහට අවසන් කෙරුණා.

පස්වරු 1.30 දක්වා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙවර මැතිවරණය සදහා පිළිගත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් රැසකින් නාමයෝජනා ඉදිරිපත් වූ බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඊයේ (18) දිනය වන විට ස්වාධීන කණ්ඩායම් 357 ක්  දිස්ත්‍රික් 22 ක් සදහා ඇප මුදල් තැන්පත් කර තිබුණා. ඊයේ (18) දිනය වන විට දේශපාලන පක්ෂ 82 ක් සහ ස්වාධීන කණ්ඩායම් 250 ක් නාම යෝජනා භාරදී තිබූ බවයි මැතිවරණය මහලේකම් කාර්යාලය සදහන් කළේ. අද (19) පෙරවරුවේ සිටම සියලු දිස්ත්‍රික් සදහා නාම යෝජනා භාර දීම සිදු කෙරුණා. නාම යෝජනා භාරදීමට පැමිණීමේදී තුන් දෙනෙකුට පමණක් සීමාවන ලෙස පොලීසිය ඉල්ලා සිටියා.

අද දිනයේදී ද සෑම දිසා ලේකම් කාර්යාලයකම පාහේ දැඩි ආරක්ෂක විධිවිධානද යොදවා තිබුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කය සදහා අද නාමයෝජනා භාර දුන්නා. එම පෙරමුණේ කණ්ඩායම් නායක එස් එම් චන්ද්‍රසේන,  ෂෙහාන් සේමසිංහ යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙනුයි නාමයෝජනා පත්‍ර භාර දුන්නේ.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :