පැය 24 තුල ඉතාලියේ තවත් කොරෝනා මරණ 627ක්

කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් දිනකදී සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව වන 627 ගතවූ පැය 24 තුල ඉතාලියෙන් වාර්තා වී තිබෙනවා.
මෙය වෛරසය හේතුවෙන් මෙතෙක් දිනකදී ලෝකයේ රටකින් වාර්තාවූ ඉහළම මරණ ප්‍රමාණයයි.
මෙම බිහිසුණු තත්ත්වයත් සමග ඉතාලියේ සමස්ථ කොරෝනා මරණ ගණන 4032 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.
ඉතාලියෙන් මේ දක්වා වාර්තාවූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 47,021ක්.
මේ වන විට ලෝකයේ වැඩිම කොරෝනා මරණ වාර්තාවන රට වන්නේද ඉතාලියයි.
වෛරසයේ ව්‍යාප්තිය සමග ඉතාලිය තුල පවත්නා තත්ත්වය අතිශය බරපතල බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ.
එම තත්ත්වයෙන් එරට මුදා ගැනීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම චීනයද ඉදිරිපත්ව සිටිනවා.ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය ආධාර මෙන්ම චීනයේ වෛද්‍ය කණ්ඩායමක්ද මේ වන විටත් එරටට ළගාවී තිබෙනවා.
මේ වන විට ලෝකය පුරා වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 266,179ක්.
ඉන් සුවය ලැබූ ගණන 90,603ක් වන අතර සමස්ථ මරණ සංඛ්‍යාව 11,186ක් වනවා.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ