වෛරසය පාලනය නොකළොත් මිලියන ගණනක් අනතුරේ /ජගත් මහ ලේකම්

කොරෝනා වෛරසය පාලනයකින් තොරව පැතිරීමට ඉඩ සැලසුවහොත් ලොවපුරා මිලියන ගණනක් මිය යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසනවා.

වෛරසය ව්‍යාප්තිය අවම කිරීමට ලොවපුරා සියලු රටවල ජනතාව මේ මොහොතේ එක්ව කටයුතු කළ යුතු බවයි ඔහු මෙහිදී සදහන් කළේ.

තවද සෑම රටකම නිරෝධායන කටයුතු මෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු ද වඩාත් ශක්තිමත් විය යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව එකොළොස්දහස ඉක්මවා තිබෙනවා.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ