දේශීය පුවත් ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

කොරෝනා හැදුණු ස්විස් පූජකයා නිසා යාපනයේ බැතිමතුන්ට පණිවිඩයක්

බෙදා හරින්න :

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි ස්විස් දේවස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගිවූ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි  පුජකවරයෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට ස්විට්සර්ලන්තයෙන් වාර්තා වීමත් සමග එම පූජාවට සහභාගී වූ යාපනයේ බැතිමතුන් සොයා ආරක්ෂක අංශ විසින් විශේෂ සොදිසි මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

එමෙන්ම අදාල පූජක වරයා සමීපව ඇසුරුකල පිරිසෙන් පුද්ගලයින් දෙදෙනෙකුට ශරීරයේ ඇති වූ උණසහිත රෝග ලක්ෂණයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවටත් එම දෙදෙනාට නිශ්චිතවම කොරෝණා වයිරසය ආසාදනය වී ඇත්දැයි මෙතෙක් කීමට නොහැකි බැවින් පරික්ෂණ කටයුතු සිදු කරන බවටද යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමූර්ති මහතා පැවසුවේය.

යුදහමුදාව, පොලීසිය, ග්‍රාමසේවකවරුන්  සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් මෙම සෝදිසි මෙහෙයුම දියත් කොට ඇති අතර ඇතැම් බැතිමතුන් පිළිබඳව මේ වන විටත් තොරතුරු ආරක්ෂක අංශ වෙතට ලැබී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යලය පවසයි.

මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර පසුව ඔහුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති අතර මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට වාර්තා වෙයි.

එමෙන්ම එම ආගමික උත්සවය පැවති ස්ථානයේ ඇති සී.සී.ටී.වී. කැමරා උපයෝගී කර ගනිමින් පූජාවට සහභාගී වූ අදාළ පුද්ගලයින් හඳුනා ගැනීමේ කටයුතු සිදුකරන බවත් එම ආගමික උත්සවය සඳහා පැමිණි පිරිස් ඇත්නම් ඔවුන්ට වහාම ස්වයං නිරෝධායනය වන ලෙසත් උතුරු ආණ්ඩුකාර කාර්යාලය විසින් දැනුම් දී ඇත.

යම් අයුරකින් කොරෝනා රෝග ලක්ෂණ බවට සැකකෙරෙන යමක් ශරීරයෙන් පෙන්නුම් කරන්නේ නම් වහාම 021-2227278 යන අංකය ඔස්සේ පළාත් සෞඛ්‍ය කාර්යාලය දැනුවත් කොට රෝහල්ගත වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසටද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත.

51594

ආසාදිතයන්

44259

සුවය ලැබූ

7080

දැනට රෝගීන්

255

මරණ

බෙදා හරින්න :

Similar Posts