පැය 24 ට ඉතාලියේ 793ක් කොරෝනා බිලි ගනී

කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් ඉතාලියේ ගතවූ පැය 24 තුල වාර්තාවන මරණ සංඛ්‍යාව 793ක් බවට පත්ව තිබෙනවා.ඒ අනුව සෑම විනාඩි 2කට වරක් එරටින් කොරෝනා මරණයක් වාර්තාවීම අතිශය බිහිසුණු වනවා.
මෙය මෙතෙක් නව කොරෝනා වෛරසය හේතුවෙන් දිනක් තුල රටකින් වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාවයි.එරට ආසාදිතයන් ගණන ද මේ සමග 53,578 ක් දක්වා ඉහළ ගියා.
මේ වන විට ඉතාලියෙන් වාර්තාවන සමස්ථ නව කොරෝනා මරණ සංඛ්‍යාව 4825ක්.
එයද වෛරසය හේතුවෙන් රටකින් වාර්තා වූ වැඩිම මරණ ප්‍රමාණය වනවා.
මෙම තත්ත්වය තුල ඉතාලියේ තත්ත්වය බිහිසුණු අවදානමක් කරා ගමන් කරමින් පවතින බවයි ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේ.
ඉතාලියේ මරණ ඉහළ යාම සමග ලෝකයේ නව කොරෝනා මරණ සංඛ්‍යාවද 12,549ක් දක්වා ඉහළ ගියා.
මේ වන විට ලෝකයෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 293,761ක්.
අනෙක් රටවලින් නවතම දත්ත එක් කර නොමැති බැවින් තවත් පැය කිහිපයකින් මෙම සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවනු ඇති බවයි අනතුරු ඇගවීම් නිකුත් වන්නේ.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ