යාපනයෙන් කොරෝනා ආසාදිතයෙක්

යාපනය දිස්ත්‍රික්කයෙන් පළමු කොරෝනා ආසාදිතයා අද වාර්තාවී තිබෙනවා.
යාපනය රෝහලේ අධ්‍යක්ෂ ටී සත්‍යමූර්ති මහතා ප්‍රකාශ කළේ මෙම රෝගියා ස්විස්ටර්ලන්තයේ සිට පැමිණ අරියාලේ ප්‍රදේශයේ දේව මෙහෙයක් සිදුකළ කොරෝනා ආසාදිත පූජකවරයා සමග සබදතා පැවැත්වීම හරහා ආසාදිත තත්ත්වයට පත්ව ඇතැයි විශ්වාස කරන බවයි.
අදාල පූජකයා සිදුකළ දේව මෙහෙයට තවත් 150ක පමණ පිරිසක් සම්බන්ධ වී ඇති අතර ඔවුන්ටද යම් ආසාදිත ලක්ෂණ පවතින්නේද යන්න සොයා විමර්ෂණ ක්‍රියාත්මකයි.
මෙම දේව මෙහෙයට එක්වූ තවත් පුද්ගලයකුද මේ වන විට කොරෝනා ආසාදිත බවට වන සැකය මත රෝහල්ගත කර තිබෙනවා.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :