ඉතාලියෙන් තවත් කොරෝනා මරණ 650ක් / සමස්ථ මරණ 5,500යි

Commuters waiting for an U-Bahn underground train at Alexanderplatz station as Berlin authorities took new measures to cancel events with over 1,000 people because of the coronavirus disease (COVID-19) in Berlin, Germany, March 11, 2020. Picture taken with thermal imaging camera. REUTERS/Fabrizio Bensch

ගතවූ පැය 24 තුල ඉතාලියෙන් තවත් නව කොරෝනා ආසාදිත මරණ 651 ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව එරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 5500කට ආසන්න බවයි ඉතාලි රජය නිවේදනය කළේ.
මේ වන විට ඉතාලියෙන් වාර්තාවල ආසාදිතයන් සංඛ්‍යාව 59,138ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට තුල පවතින අවදානම් තත්ත්වය පාලනය කළ හැකි මට්ටමෙන් ඉවතට ගමන් කරමින් පවතින බවයි ඉතාලි අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ.
මේ දක්වා එරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 10ක්ම වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවකයින් වීමද බරපතල තත්වයක් බවට පත්ව තිබෙනවා.
මේ අතර අමෙරිකානු ,කියුබානු හා චීන වෛද්‍ය කණ්ඩායම් කිහිපයක්ද මේ වන විට ඉතාලියට පැමිණ සිටිනවා.
ඒ ඉතාලියේ පවතින අවාසනාවන්ත තත්ත්වයෙන් එරට ජනතාව මුදා ගැනීම සදහායි.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :