ශ්‍රී ලංකාවේ තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා රුසියාව ආනයන තහනමක් පැනවීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තාක්ෂණික නිලධාරී කණ්ඩායමක් හෙට රුසියාවට බලා පිටත්ව යාමට නියමිතව තිඛෙනවා.

අමාත්‍ය නවීන් දිසානායක මහතා සදහන් කළේ රුසියාව ගෙන ඇති එම තීරණය අනිකුත් රටවලට මෙරට තේ අපනයනය කිරීමේදී කිසිදු ගැටලුවක් පැන නොනගින බවයි.

මේ අතර තේ මණ්ඩලයේ සභාපති රෝහාන් පෙතියාගොඩ මහතා සඳහන් කළේ, රුසියානු වරායේ තිබූ කන්ටේනරයෙන් හමුවූ කෘමියා මෙරට අනිකුත් ගබඩාවල සිටින්නේ ද යන්න පරීක්ෂා කිරීමට අමෙරිකාවෙන් සුවඳ විශේෂයක් මෙරටට ගෙන එන බවයි.

ශ්‍රී ලංකාවේ තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා තාවකාලික ආනයන තහනමක් පැනවීමට රුසියාව තීරණය කර ඇති බව පසුගිය 14 වැනිදා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

ශ්‍රී ලංකාවෙන් අපනයනය කළ තේ තොගයක තිබී කප්රා බීට්ල් නමැති කෘමියෙකු හමුවීම රුසියාවේ මෙම තීරණයට හේතු වී විය.

මේ අතර රුසියාව – ශ්‍රී ලංකාවේ තේ සඳහා පැනවීමට නියමිත තහනම ඉවත් කර ගැනීමට රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින්ගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හපුතලේ පැවති උත්සවයකදී පැවසී ය.

එහිදි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පරීක්ෂණවලදි එම තේ තොග අපනයනය කළ සමාගම වැරදිකරුවන් වුවහොත්, අදාළ සමාගමේ අපනයන බලපත්‍රය අහෝසි කරන බවයි

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.