පැය 24ට ඉතාලියේ තවත් 602 ක් මිය යයි / අමෙරිකාවේ 40,000 කට කොරෝනා

ගතවූ පැය 24 තුල ඉතාලියෙන් තවත් කොරෝනා මරණ 602 ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව එරටින් වාර්තාවන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 6078 ක් බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.
මේ වන විට ඉතාලියෙන් වාර්තාවන මුළු ආසාදිතයන් ගණන 63,928ක්.
ඒ අතරින් 7432 ක් සුවය ලබා තිබෙනවා.
මේ අතර අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවද 41000 ක් තෙක් ඉහළ ගොස් තිබෙනවා.
එරටින් වාර්තාවන මරණ සංඛ්‍යාව 500කට ආසන්නයි.
සතියක් තුල එරට ආසාදිතයන් ප්‍රමාණය දස ගුණයකින් ඉහළයාම බරපතල තත්ත්වයක් බවයි මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.