කොරෝනා පරීක්ෂාවට මාතර නව දිස්ත්‍රික් රෝහලට විශේෂ වාට්ටුවක්

කොවිඩ් – 19 හෙවත් නව කොරොනා වෛරසය ආසාධනය වි ඇතැයි සැක කෙරෙන රෝගීන් මාතර දිස්ත්‍රිකකයෙන් වාර්තා වුවහොත් එම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මාතර – කොටවිල ප්‍රදේශයේ ඉදිකර ඇති නව දිස්ත්‍රික් මහ රෝහලේ නව වාට්ටු සංකීරණය විවෘත කර තිබෙනවා.
මෙම වාට්ටුව තුළ එක වර රෝගීන් 45 දෙනෙකුට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මාතර මහා රෝහල වෙත පැමිණි නව කොරෝනා වෛරසය අසාධනය වි ඇතැයි සැක කළ රෝගීන් කරාපිටිය මහා රෝහල වෙත මාරු කර යැවීම මෙතෙක් සිදු කළ ක්‍රමවේදයයි.
කොරොනා වෛරසය ආසාධනය වි ඇති බවට සැක කෙරෙන රෝගීන් මෙම වට්ටුවට ඇතුළත් කිරීමෙන් පසු මුලික ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙනවා.

අදාළ වෛද්‍ය පරික්ෂණ කටයුතු ගාල්ල කරාපිටිය මහා රෝහලේ දී සිදු කර කෙරෝනා වෛරසය ආසාධනය වි ඇතැයි තහවුරු කෙරෙන රෝගීන් කොළඹ – අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර යැවිම සිදු කිරීමට නියමිත බව මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඩී.යූ.කරුණාරත්න මහතා සදහන් කළා.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.