කොරෝනා නිසා ඉන්දියාවේ දිළිදු ජනතාව සාගිනි අවදානමක

කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාව තාවකාලිකව වසා දැමීම සමග එරට ජනතාවගෙන් සැළකිය යුතු පිරිසක් සාගිනි අවදානමකට මුහුණ පා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ලෝකයේ වැඩිම දිළිදු ජන ප්‍රමාණයක් වාසය කරන ඉන්දියාවේ වැඩි සේවා නියුක්තිකයන් ප්‍රමාණයක් දෙනික ආදායමෙන් ජීවිකාව සපයා ගන්නා අතර ඔවුන්ට මේ වන විටත් ජීවිකාව අහිමිවී ඇති බවයි බී බී සී පුවත් සේවය වාර්තා කළේ.
කොරෝනා ආසාදිතයන් 500ක් හමුවීම හා ඉන් 10 දෙනකු මියයාම සමග දින 21ක කාලයක් වෙනුවෙන් ඉන්දියාව ඊයේ රාත්‍රියේ සිට වසා දැමුණා.
මේ සමග ඉන්දියාවේ කෝටි 20කට අධික ප්‍රමාණයකට ආහාර පාන සපයා ගැනීමේ ගැටලුවක්ද මතුව ඇති බව සදහන්.
ඒ අදාළ දිළිදු ජනතාව සම්බන්ධයෙන් ඉන්දීය රජය කිසිදු සහනාධාර වැඩපිළිවෙලක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම මතයි.
මේ පිළිබද බී බී සී පුවත් සේවය වෙත අදහස් දක්වමින් එරට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දිළිදු ජනතාව පවසන්නේ කොරෝනා වෛරසයට පෙර තමන් සාගින්නේ මිය යාමේ අවදානමක් පවතින බවයි.
එරම කලාපයේ බොහෝ ජනතාව දිනකට ඉන්දීය රුපියල් 600කට අඩු ආදායමක් ලැබූ අතර මේ වන විට එම ආදායමද ඔවුන්ට අහිමිවී ඇති බවයි රමේෂ් කුමාර් පවසන්නේ.
ඒ අනුව දින 21ක කාලයක් නිවසින් බැහැරවීමට හෝ රැකියාවට යෙදීමට නොහැකිවීම මත එම ජනතාව දැඩි අවදානමකට ලක්ව සිටිනවා.
මේ පිළිබද අදහස් දක්වමින් ඉන්දීය රජයේ නියෝජිතයකු පවසා ඇත්තේ මෙවන් තත්ත්වයකට ඉන්දියාව මුහුණ දෙනු ලබන්නේ පළමු වරට බවයි.
එබැවින් කඩිනම් පිළියම් යෙදීමේ අපහසුවක් මතුව තිබුණද ඉදිරියේදී යම් සහනයක් හිමිවිය හැකි බවද එම නියෝජිතයා විශ්වාසය පල කර තිබෙනවා.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.