ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ඇමතිවරයා චීනයට විරෝධය පළකරයි

Sri Lanka

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සම්බන්ධයෙන් චීනය එරට සිසුන්ට අනතුරු ඇඟවීමෙන් පසුව ඕස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍ය ඇලන් ටඩ්ජ් චීනයට විරෝධය පල කර තිබෙනවා.
ඒ තම රට සම්බන්ධයෙන් වැරදි මතවාදයන් ව්‍යාප්ත කරන බවට චෝදනා කරමිනුයි.
කොරෝනා වසංගතය සමඟ දෙරට අතර හටගත් මතභේදයෙන් පසු අධ්‍යාපනය ලැබීම සඳහා ඕස්ට්‍රේලියාවට යාම පිළිබඳව පූර්ණ අවදානම් තක්සේරුවක් සිදු කරන ලෙස චීනයේ අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය සිකුරාදා එරට සිසුන්ට දැනුම් දී තිබුණා.
ඊට ප්‍රතිචාර දක්වමින් ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ඇමතිවරයා කියා සිටියේ තම රට ජාත්‍යන්තර සිසුන් සඳහා වඩාත් ආරක්ෂිත හා පිළිගත හැකි ගමනාන්තයක් බවයි.
ඕස්ට්‍රේලියාව අනෙක් බොහෝ රටවලට වඩා උසස් මට්ටමක පවතින බවත්- ජාතිවාදය සහ ප්‍රචණ්ඩත්වය නොඉවසන බවත් ඔහු අවධාරණය කළා.
මේ වන විට දෙරට අතර මතභේදාත්මත තත්ත්වය දෙරටේ වෙළධ ක්‍රියාකාරකම් සඳහා පවා බලපෑම් එල්ල කර තිබෙනවා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *