ලෝකයේ කොරෝනා මරණ 21,000 ඉක්මවයි

ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව විසිඑක් දහස් දෙසිය අනු තුනක් දක්වා වැඩිවී තිබෙනවා.

ආසාධිතයන් හාරලක්ෂ හැට අට දහස් හයසිය හතලිස් හතර දෙනෙකු තහවුරු කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඒ රටවල් 198 කින්. සුවය ලැබූ සංඛ්‍යාව එක්ලක්ෂ දාහතර දහස් දෙසීය දහ අටක්.

මේවන විට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන්. පසුගිය පැය 24 දී ඉතාලියෙන් වාර්තාවූ මරණ සංඛ්‍යාව 683 ක්. ඒ අනුව ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව 7503 ක් දක්වා වැඩිවී තිබෙනවා.

ස්පාඤ්ඤයේ පැය 24 ක් තුළ මරණ 656 ක් වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඒ අනුව ස්පාඤ්ඤයෙන් වාර්තාවූ මුළු මරණ සංඛ්‍යාව 3647 ක් බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙනවා.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.