

කාශ්මීර ප්‍රාන්තයේ දින නියමයක් නොමැතිව අවහිර කර තිබූ අන්තර්ජාල පහසුකම් 4G යලි සක්‍රීය කර තිබෙනවා.
මෙම අවහිර කිරීම ඉන්දීය රජය විසින් ගත් තීරණයක් අනුව සිදුවූ අතර එම තීරණය නීති විරෝධී බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබුණා.
ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් කිහිපයක් විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ සතියක කාලයක් තුළ ඒ සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීමට ඉන්දීය රජය පියවර ගතයුතු බවයි.
මේ සම්බන්ධයෙන් සළකා බලමින් කාශ්මීරයේ අන්තර්ජාල පහසුකම් යළි සක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඉන්දීය පාලනයේ පවතින කාශ්මීර ප්‍රාන්තයේ පැවති විරෝධතා හේතුවෙන් අන්තර්ජාල පහසුකම් පසුගිය අගෝස්තු මාසයේ සිට අවහිර කිරීමට ඉන්දීය රජය පියවර ගනු ලැබුවා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476