ආසාදිතයන් ලක්ෂ 5 පසුකරයි / 23,000 ක් මරුට

ලෝකයේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 5 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව පන් ලක්ෂ දස දහසක පිරිසකට වෛරසය මේ වන විට වැළදී ඇති බව සදහන්.
ඒ අතරින් වැඩිම ආසාදිතයන් වන 81,285 චීනයෙන් වාර්තාවන අතර ඉන් 74,000 ක්ම සුවය ලබා තිබෙනවා.
මේ වන විට බරපතලම තත්ත්වය වාර්තාවන ඉතාලියේ ආසාදිතයන් ගණන 80,500ක්.
ඉන් සුවය ලබා ඇත්තේ 10,000 ක් වන අතර මරණ 8,165ක් එරටින් වාර්තා වුණා.
මේ වන විට ආසාදිතයන් වේගයෙන් වර්ධනය වන අමෙරිකාවෙන් 75,120 දෙනකු හමුව ඇති අතර ඉන් සුවය ලබා ඇත්තේ දෙදහසකට ආසන්න පිරිසක් පමණයි.
මරණ 1081 ක්ද අමෙරිකාවෙන් වාර්තාවනවා.
ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් 56,000 ක් හා මරණ 4,100 ක් වාර්තාවන අතර ජර්මනියෙන් ආසාදිතයන් 40,000 ක් හා මරණ 229ක් වාර්තාවී තිබෙනවා.
ඉරානයෙන් හා ප්‍රංශයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 29,000 බැගින් වනවා.
ස්විස්ටර්ලන්තය හා බ්‍රිතාන්‍යයද වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන රටවල් අතරට ඇතුලත්.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.