ඉතාලියෙන් හා ස්පාඤ්ඤයෙන් දිනකදී කොරෝනා මරණ 1,678 ක්

ගතවූ පැය 24 තුල ඉතාලියෙන් හා ස්පාඤ්ඤයෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පැය 24ක් තුල ඉතාලියෙන් වාර්තාවන කොරෝනා මරණ ප්‍රමාණය වාර්තාගත අගයකට ගමන් කරමින් 919 ක් බවට පත්ව ඇති බවයි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය තහවුරු කළේ.
ඒ සමග ඉතාලියේ ආසාදිතයන් ගණන 86,000 ක් තෙක් ඉහළ ගොස් තිබෙනවා.
ඉතාලියෙන් වාර්තාවන කොරෝනා මරණ ගණන 9134ක් බවටයි පත්ව ඇත්තේ.
එය ලෝකයේ එක් රටකින් වාර්තාවන වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයයි.
මේ අතර ස්පාඤ්ඤයෙන්ද ගතවූ පැය 24 තුල මරණ 769ක් වාර්තා වුණා.
එය එරටින් දිනක් තුල වාර්තාවූ වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයයි.
මේ සමග එරටින් වාර්තාවන කොරෝනා මරණ ගණන 4900 ක් තෙක් ඉහළ ගියා.
මේ වන විට අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 91000 ක් ඉක්මවා තිබෙනවා.
කෙසේ වෙතත් එරටින් වාර්තාවන්නේ මරණ 1300ක් පමණයි.

1797

ආසාදිතයන්

839

සුවය ලැබූ

947

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.