අටළුගම කොරෝනා ආසාදිතයාගේ පියා හා සොයුරියත් රෝහලට

අටුළුගම මාරාව කොරෝනා වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද  එම  රෝග ලක්ෂණ  පහල කිරීම හේතුවෙන් කලුතර නාගොඩ මහ රෝහල වෙත යොමු කිරීමට බණ්ඩාරගම  සෞ‍බ‍ය වෛද‍්‍ය කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

ඩුබායි රටේ දින 2 ක් ගත කර ඉකුත් 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ එම පුද්ගලයා දින 6 ක කාලයක් තිස්සේ අටුලුගම ප්‍රදේශයේ සැරි සරා පුද්ගලයන් රැසක් ඇසුරු කළ බවට තොරතුරු හෙළිවීම සමග අටළුගම නිවාස  26 ට අයත්   පුද්ගලයන්  200 දෙනකු පමණ  සම්පුර්ණයෙන්ම  ස්වයං නිරෝධායනයකට  ලක්කර තිබෙනවා.

ඒ අනුව  ගම්මානයේ සිටින කිසිවකුට  ගමෙන් පිටවීමට හෝ   ගමට ඇතුලූ වීමට හෝ  අවසර නොදෙන බවයි පොලිසිය පවසන්නේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාවේ නිලධාරීන් යොදවා එම ගම්මානය තුල ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන අතර ගම්මානය හරහා යාමටද කිසිවකුට අවසර හිමිවන්නේ නැහැ.

1797

ආසාදිතයන්

839

සුවය ලැබූ

947

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.