කනිකා කපූර් හා චාල්ස් කුමරුගේ කතාව බොරුවක් / ඉන්දීය මාධ්‍ය කියයි

බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුට කොරෝනා වයිරසය ආසාදනය වන්නට ඇත්තේ ඉන්දීය ගායිකා කනිකා කපූර්ගෙන් බව පවසමින් සමාජ මාධ්‍යවල පලවන තොරතුරු අසත්‍ය බව හෙළිව තිබෙනවා.
කනිකා කපූර් හා චාල්ස් කුමරු අතට අත දෙන ආකාරය සහිතව ප්‍රචාරය කෙරෙන ජායාරූපය ලබාගෙන ඇත්තේ පසුගිය වසරේදී බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව කනිකා කපූර් ලන්ඩනයේ පැවති එළිමහන් සාදයකදී චාර්ල්ස් කුමරුට අතට අත දී ආචාර කිරීම හරහා ඔහු කොරෝනා ආසාදිතයකු වූ බවට එල්ල කරන චෝදනා ඉන්දියානු මාධ්‍ය බැහැර කර තිබෙනවා.
කෙසේ වෙතත් කනිකා කපූර්ට වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණ 3ක් හරහා අනාවරණ වී තිබුණා.
ඇය හා සමීපව ඇසුරු කළ ඉන්දියාවේ ප්‍රාන්ත මහ ඇමතිනියක ඇතුළු 60 දෙනෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවයි මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී අනාවරණවී ඇත්තේ.
මේ ආකාරයෙන් කොරෝනා ආසාදිතයන්ට එරෙහිව අසත්‍ය ප්‍රචාර පලවීම සිදුවීම එම ආසාදිතයන් සමාජයෙන් සැගවී සිටීමට හා නිරෝධායනයට ඉදිරිපත් නොවීමට හේතුවක් බවද ඉන්දී්‍ය මාධ්‍ය පෙන්වා දෙනවා.

1797

ආසාදිතයන්

839

සුවය ලැබූ

947

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.