ලංකාවේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ පළමු පුද්ගල මරණය වාර්තාවී තිබෙනවා.
අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 60ක පුද්ගලයකු වෛරසය හේතුවෙන් මිය ගිය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ.
ඔහු මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු කලකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්වූ අයකු වන අතර දියවැඩියාව හා අධි රුධිර පීඩනයෙන් පීඩා විදි අයකු බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.