PCR සාම්පල ගොඩගැහිලා / 3 වන රැල්ලක් ගැන රසායනාගාර විද්‍යාඥයන් අනතුරු අඟවයි

Sri Lanka
රජයේ රසයනාගාරවල PCR සාම්පල දස දහසක් ගොඩගැසී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.
ඔහු කියා සිටියේ වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ පමණක් PCR සාම්පල 6000ක් ගොඩගැසී ඇති බවයි.
ඊට අමතරව අනුරාධපුර ශික්ෂණ රෝහලේ 1000ක්, කරාපිටිය ශික්ෂණ රෝහලේ 750ක් ආදි වශයෙන් PCR සාම්පල ගොඩගැසී ඇති අතර මෙවන් තත්ත්වයන් හරහා 3 වන කොරෝනා රැල්ලකට අත වනමින් පවතින බවද රවී කුමුදේශ් මහතා පැවසුවා.
☝️පරීක්ෂණ කරන එක අත හැරලා ඉන්නේ කාගේ වුවමණාවටද කියලා අපිට හරියටම පැහැදිළි නැති වුණත්, බොහෝ සෞඛ්ය බලධාරීන් “වැක්සින් වැකේෂන් එකක” ඉන්න බවනම් පේනවා.
☝️රසායනාගාරවල PCR නිදර්ශක ගොඩ ගැහිලා. සෞඛ්ය අමාත්යාංශය PCR රසායනාගාරවල සැපයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නට ඉඩ ඇරලා. අවශ්යතා ගැන කතා කරන්නට සෞඛ්ය අමාත්යාංශයේ තැනක් නෑ. සෞඛ්ය අමාත්යාංශය වග කිව යුතුයි.
☝️ රසායනාගාර සේවාව කළමනාකරණයට යොදවලා ඉන්නේ රසායනාගාර කළමනාකරණය ගැන මළ පොතේ අකුරක් නොදත් අය. ඉදිරියේදී මීටත් වඩා තත්වය බැරෑරුම් වෙයි.
☝️සමහර විශේෂඥයින් අපරාධ පරීක්ෂණ වලින් ගැලවෙන්නට රසායනාගාර පරීක්ෂණ ධාරිතාව අඩපණ කරන්න සැලසුම් කරනවා. සමහරු තමන්ගෙ සන්නාමය විකුණා ගැනීම සඳහා කළමනාකරණය අඩපණ කරනවා. සෞඛ්ය අමාත්යාංශය එවැනි අයට අවශ්ය පරිදි වැඩ කරමින් ඉන්නවා.
☝️අද වෙනකොට සෞඛ්ය අමාත්යාංශයේ ඉන්නේ වසංගතයේ දෙවන නිවාඩුව ගත කරමින්. “මැතිවරණ නිවාඩුව” හින්දා අපි දෙවන රැල්ලක් කැඳවා ගත්තා. දෙවන රැල්ල, ඉවර වෙන්නටත් කලින් අපි ‘වැක්සින් නිවාඩුව” ගත කරමින් ඉන්නවා. පැහැදිලිවම අපි තුන්වෙනි රැල්ලකට අත වනනවා.

මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *