ඇස්බැස්ටස් තහනම නවතී / පිළිකා අවදානම නෑලු

රාජ්‍ය ආයතන සඳහා ජනවාරි 1වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුදු ඇස්බැස්ටස් සෙවිලි තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිඛෙනවා.

සෞඛ්‍ය අංශ විසින් එම ඇස්බැස්ටස් වර්ගවල හානිකර තත්ත්වය අඩු බව අනාවරණය කරගැනීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි ප්‍රකාශ වන්නේ.

කෙසේවුවද නිල් ඇස්බැස්ටස් සඳහා ජනවාරි පළවෙනිදා සිට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිඛෙනවා.

පිළිකා රෝගයට ප්‍රබල හේතු කාරකයක් ලෙසට හඳුනාගෙන ඇති ඇස්බැස්ටස් 2018 ජනවාරි 01 වනදා සිට සම්පූර්ණයෙන් තහනම් කරන බව රජය 2015 වසරේදී නිවේදනය කළා.
මෙරටට වැඩි වශයෙන් ඇස්බැස්ටස් ආනයනය කරනු ලබන්නේ රුසියාවෙන් වන අතර එරට විසින් මෙරට තේ ආනයනය සීමා කිරීමෙන් පසු මෙම ඇස්බැස්ටස් තහනමද ඉවත්කිරීම විශේෂත්වයක් වනවා.
කෙසේ වෙතත් ඇස්බැස්ටස් ජාත්‍යන්තර වශයෙන් මාරක පිළිකා ඇති කරන ද්‍රව්‍යයක් ලෙස නම් කර ඇති අතර මේ පිළිබද ජනතා අවධානය යොමුකිරීම අතිශය වැදගත්වනවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish