ගුවන් යානා ඉන්ධන සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් විසින් සිදුකරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.
රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට කටයුතු කරන විවිධ පාර්ශව විසින් ගුවන් යානා ඉන්ධන සම්බන්ධයෙන් වැරදි ප්‍රචාර සිදු කරන බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
ඉහල ප්‍රමිතියෙන් යුත් ඉන්ධන පාරිභෝගිකයින්ට සැපයීමට අමාත්‍යාංශය නිරන්තරයෙන්ම බැඳී සිටින බව අමාත්‍යාංශය අවධාරණය කරනවා.
කෙසේ වෙතත් ඛනිජ තෙල් වෘත්තිය සමිති පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ලංකා අයි.ඕ.සී. සමාගම හරහා මෙරටට ගෙන්වන ලද ගුවන් යානා ඉන්ධන තොගයක් ප්‍රමිතියෙන් තොර බවයි.
සංරක්ෂිත තොග පවත්වාගෙන යාමේ අරමුණින් මෙට්‍රික් ටොන් 14,000ක ගුවන් යානා ඉන්ධන මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති අතර එම ඉන්ධන රැගත් නෞකාව පසුගියදා මෙරටට පැමිණ තිබුණා.
එම නෞකාවේ ඉන්ධන සම්බන්ධයෙන් සිදුකළ පළමු සාම්පල පරීක්ෂාව නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවන බවට අනාවරණය වී ඇති අතර ඉන්ධනවලට නෞකාවේ මලකඩ මුසුව තිබීම ඊට හේතු වන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.