පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් විසින් දින කීපයකට ඉහතදී සාම්පූර් සුඩකුඩා ප‍්‍රදේශයෙන් සොයාගනු ලැබූ අනුරාධපුර මුල් යුගයට අයත් බවට සැලකෙන ගරාවැටුණු චෛත්‍යයක් කිසියම් පිරිසක් විසින් පෙරේදා දිනයේදී ඩෝසර් කර විනාශ කිරීම පිළිබද සාම්පූර් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිඛෙනවා.

ගරාවැටුණු චෛත්‍යය අඩි 15ක පමණ වට ප‍්‍රමාණයකින් යුත් එකක් වන අතර පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම විසින් මේ ස්ථානය සොයාගැනීමෙන් පසුව චෛත්‍යයේ දත්ත සටහන් ලේඛනයක්ද සකස්කර තිබුණා.

දින කීපයකට ඉහතදී පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම විසින් සොයාගනු ලැබූ මේ ස්ථානයට පෙරේදා කඩාවැදුණු කිසියම් පිරිසක් ඩෝසර් යන්ත‍්‍ර යොදාගෙන ගරාවැටුණු චෛත්‍යය සමතලා කර ඇති බවයි අනාවරණ කර ඇත්තේ.

මෙම පුරාවිද්‍යා භූමිය ඩෝසර් යන්ත‍්‍ර යොදා සමතලා කර තිබෙන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව සාම්පූර් පොලිසිය එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමෙන් පසුව ඒ පිළිබඳව මූතුර් මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිඛෙනවා.

සේරුවිල මංගල රාජමහා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම හිමියන් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාත් නැගෙනහිර ආණ්ඩුකාරවරයා සහ ත‍්‍රිකුණාමල දිසාපතිවරයාත් දැනුවත් කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වහාම නිලධාරින් කණ්ඩායමක් පිටත්කර යැවූ බව ත‍්‍රිකුණාමලය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ. සුමනදාස මහතා ප්‍රකාශ කළා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.