නිදහස් සමරු පෙළපාලියට ආ තවත් සිවිල් ආරක්ෂකයන් පිරිසකට කෙරෝනා

Sri Lanka

ගල්කිරියාගම සිවිල් ආරක්ෂක කදවුරෙන් දැනට හමුව ඇති ආසාදිතයින් ගණන අද (10) උදෑසන වනවිට 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ එම කදවුරේදී PCR පරීක්ෂණයට ලක්කළ තවත් 45 ගේ හා ශ්වසන ආබාධ හේතුවෙන් පෙරේදා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූ තවත් සිවිල් ආරක්ෂක භටයකුගේ පීසීආර් ප්‍රතිඵල ඊයේ සවස ලැබීම සමගයි.
නිදහස් උත්සවයට එක්වීමෙන් පසුව ගල්කිරියාගම සිවිල් ආරක්ෂක කදවුරේ නිරෝධායනයට යොමුකර ඇති සෙබල පිරිස අතරින් තවත් 12 දෙනෙකු ද මෙම ආසාදිතයන් අතරට ඇතුලත්.
ඒ අතරට එක් සිවිල් ආරක්ෂක බලකා නිලධාරිනියක ද ඇතුලත් වනවා.
ප්‍රදේශයේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට එම සිවිල් ආරක්ෂක කදවුරට සංචරණ සීමා පැනවීමට ද පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
එහි තවත් පිරිසකට අද පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි. – මඩාටුගම ප්‍රසංග ඒකනායක


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *