ඇඳිරි නීතිය කැඩුවොත් වෙඩි තබන්න / පිලිපීන ජනපතිගෙන් නියෝගයක්

කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්වීම සදහා රට තුල පනවා ඇති ඇඳිරි නීතිය කඩ කරන්නන්ට වෙඩි තැබීමට පිළිපීන ජනාධිපති රොඩ්රිගු දුතර්තේ නියෝග කර තිබෙනවා.
ඒ ඇඳිරී නීති තත්ත්වය නොසලකා එරට ජනතාව විථි බැසීම සමගයි.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට බාධා කරන්නන්ටද කිසිදු අනුකම්පාවකින් තොරව වෙඩි තබා ඝාතනය කරන ලෙස පිළිපීන ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා.
මේ වන විට පිළිපීනයෙන් කොරෝනා ආසාදිතයන් 2300ක් වාර්තාවන අතර සියයකට ආසන්න මරණ ප්‍රමාණයක් එරටදී සිදුව තිබෙනවා.
මෙම තත්ත්වය පාලනය කිරීම සදහා ජනතාවට නිරෝධායන උපදෙස් ලබාදුන්න ද ඇතමුන් වීථි බැස රජයට එරෙහිව විරෝධතා සිදුකරන බව සදහන්.
ඒ විවිධ අවශ්‍යතා ඉටු කරන ලෙස බලකරමින්.
කෙසේ වෙතත් වෛරසය බිහිසුණු ආකාරයෙන් පැතිරයන බැවින් එය වැලැක්වීමට ජනතා සහාය ලබාදෙන ලෙසයි පිළිපීන ජනාධිපති වරයා ඉල්ලීමක් කළේ.
යමෙකු ඊට බාධා කරන්නේ නම් ඔවුන් රට වෙනුවෙන් ඝාතනය කරන බවත් තමන් ඔවුන් භූමදානය කරන බවත් පිලිපීන ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

1797

ආසාදිතයන්

839

සුවය ලැබූ

947

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.