පෙලපොත් නවත්වන කතාව බොරුවක්ලු

පාසල් පෙළපොත් ලබාදීම අත්හිටුවීමේ සූදානමක් ඇතැයි පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජාතික අධ්‍යාපන ආයතනය පවසනවා. මේ ඒ පිළිබද ජාතික අධයාපන ආයතනය නිකුත් කළ නිවේදනයයි.

අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය

වෙනත් වර්ෂ වලදි  මෙන්ම 2018 වර්ෂය සඳහා පලමු ශ්‍රේ්ණියේ සිට 12 ශ්‍රේ්ණිය දක්වා සියලූම පාසල් දරුවන්ට නොමිලේ  පාසල් පෙලපොත් ලබා දීමට ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ උපදෙස් මත අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව කටයුතු සිදු කරන අතර කිසිදු දරුවෙකුට පොත් අලෙවි කිරීමට ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව හෝ රජය අපේක්ෂා නොකරයි. පාසල් දරුවන්ට නොමිලේ පාසල් පොත්නොමිලේ නිළ ඇඳුම්ඇතැම් දරුවන්ට නොමිලේ පාවහන් යුගලයක්බස් රථ වල ගමන් කිරීම සඳහා අනුග‍්‍රාහක වාර ප‍්‍රවේශපත‍්‍රසුරක්ෂා රක්ෂණ ආදි සුවිශේෂි සහනාධාර රැුසක් මේ රට දරුවන්ට රජය විසින් ලබා දෙමින් සිටියදි ජන මාධ්‍යකරුවන් කිහිප දෙනෙකු සහ එක්තරා ගුරු සංගමයක් විසින් චේතනාන්විතව අසත්‍ය තොරතුරු රජයට එරෙහිව ජනගත කිරීමේ ක‍්‍රියාවලියක නිරත වන බව පසුගිය දිනවල පුවත්පත් වල හා එක්තරා විද්්‍යුත් මාධ්‍ය ආයතනයක විකාශනය වු බව පසුගිය කරුණු වලින් අනාවරණය විය.

2018 වර්ෂය සඳහා රජය විසින් රුපියල් බිලියන 3.3 ක වියදමකින් පෙලපොත් මුද්‍රණය කොට ඇත. මේ වන විට 95% ක පෙලපොත් ප‍්‍රාදේශිය මධ්‍යස්ථාන වලට හා පාසල් වලට බෙදාහැර ඇත. පෙලපොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය 2018.01.11 වන දින සිදු කරන අතර එ් වන විට සෑම දරුවෙකුටම ඔවුනට අවශ්‍ය සෑම පෙලපොතක්ම ලබා දීමට සියලූ කටයුතු සුදානම් කර ඇත. 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා සියලූම දරුවන්ට අලූත්ම පොත් ලබා දී ඇති අතර 6 ශ්‍රේණිය හා 7ශ්‍රේණිය දරුවන් අතර පෙලපොත් නැවත භාවිතා කිරීම හුරු කිරීම සඳහා ව්‍යපෘතියක් ක‍්‍රියාත්මක කොට ඇත. අනිකුත් සියලූම දරුවන්ට විදුහල්පතිවරගේ ඉල්ලීම අනුව පාසල් පෙල පොත් ලබා දී ඇත. යම් පාසලකට හෝ දරුවෙකුට මේ දක්වා පෙල පොත් ලැබි නොමැති නම් අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවට දන්වා කඩිනමින් පොත් ලබා ගැනීමට හැකිය.

අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවට පාසල් සිසුන් වෙත පෙලපොත් අලෙවි කිරීමේ අදහසක් ඇත්නම් අප විසින් දිවයින පුරා අලෙවිසැල්  ආරම්භ කොට අලෙවි කිරීමට කටයුතු කල යුතුය. එහෙත් එ්වැන්නක් නොමැති අතර මේ දක්වා පවත්නාගෙන එන ලද වෙලඳසැල් වල පමණක් ජාත්‍යන්තර පාසල් සඳහා  සහ වෙනත් අයට මිලදී ගැනීම සඳහා අවකාශ සලසා ඇත. සෑම විෂයකටම පෙලපොත් වලට අමතරව අතිරේක පොත් අප දෙපාර්තමේන්තුව සකස් කර ඇති බැවින් හා එම පොත් පෞද්ගලික ආයතන මිල ගණන් වලට වඩා සහන මිලකට අලෙවි කරන බැවින් සෑම දෙසැම්බර් මසකම හා ජනවාරි මාසවල අප අලෙවිසල් වලින් පොත් මිලදී ගැනීම සාමාන්‍ය සිදු විමකි.

අවුරුද්ද

මාසය 

උපයන ලද අදායම

2014

දෙසැම්බර්

මිලියන 17

2015

දෙසැම්බර්

මිලියන 22

2016

දෙසැම්බර්

මිලියන 28

2017

දෙසැම්බර්

මිලියන 22

මේ අනුව පොත් අලෙවි කිරීම අනෙකුත් වර්ෂවලට සාපේක්ෂ සාමාන්‍ය සිදුවිමක් අතර මෙය දේශපාලන වාසි ගැනීම් සඳහා රජය අපහසුතාවයට පත් කිරීමට උත්සහ දැරිමක් වන අතර එක්තරා විද්‍යුත් නාලිකාවක් හා ගුරු සංගමයක ලේකම්වරයෙකු ප‍්‍රකාශ කරන ආකාරයේ ගැටලුවක් නොවන බව අවධාරණය කරනු කැමැත්තෙමි.

                                                                       අයි.එම්.කේ.බී ඉලංගසිංහ                                                                           අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් ජනරාල්

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish