ලංකාවේ පස්වන කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා වයිරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද(4) මරණයට පත්ව තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ මෙම පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.
ඔහු ඉතාලියේ සිට මෙරටට පැමිණීමෙන් පසු රෝගී වී තිබුණා.
මේ සමග ලංකාවේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 5ක්.
ඔහු කොරෝනා වෛරසය ආසාදනයවීම හැර වෙනත් කිසිදු රෝගී තත්ත්වයකින් නොපෙලුණු අයකුවීම ද විශේෂත්වයක්.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.