පදිංචිය සැගවූ කොරෝනා ආසාදිත කාන්තාවක් ගැන නාගොඩ රෝහලේදී හෙළිවෙයි

නාගොඩ රෝහලේ දී අද අළුයම දරුවකු බිහිකළ කාන්තාවක් කොරෝනා ආසාදිත අයකු බව අනාවරණ වී තිබෙනවා.
බේරුවල පන්නිල කොරෝනා ආසාදිතයන් හමුවීම හේතුවෙන් නිරෝධායනයට ලක් කළ අවදානම් කලාපයේ පදිංචි කාරියක වන ඇය රෝහලට ඇතුළු වී ඇත්තේ ව්‍යාජ ලිපිනයක් ඉදිරිපත් කරමිනුයි.
මෙම ගැබිනි කාන්තාව දර්ගානගරය ප්‍රදේශයේ පදිංචිකාරියක ලෙස ව්‍යාජ ලිපිනයක් ලබා දී රෝහලට ඇතුළත් වී තිබුණද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සායන කාඩ්පත පරීක්ෂා කිරීමේදී ඇයගේ සැබෑ පදිංචිය හෙළිවී තිබුණා.
ඊට අදාළ සැකය මත සිදුකළ රුධිර පරීක්ෂාවකදීයි මෙම කාන්තාව කොරෝනා ආසාදිත බව තහවුරු කර ඇත්තේ.
ඇය බිහි කළ බිළිදාටද වෛරසය වැලදී ඇත්ද යන්න සොයා මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මෙම රෝගී කාන්තාවත් සමඟ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිත පුද්ගල සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම අනාවරණය සමග නාගොඩ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් නිරෝධායනයට යොමුකිරීමටයි සිදුව ඇත්තේ.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.