කොරෝනා දරුවා හා කෝවිඩ් දැරිය ඉන්දියාවේදී උපත ලබයි

කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ඉන්දියාව තුල උපත ලැබූ නිවුන් දරුවන් දෙදෙනකුට කෝවිඩ් හා කොරෝනා යනුවෙන් නම් තැබීමට එම දරුවන්ගේ දෙමාපියන් කටයුතු කර තිබෙනවා.
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කළේ මාර්තු 27 වනදා මධ්‍යම ඉන්දියාවේ රායිපූර් හී අම්බෙඩ්කාර් රෝහල තුල මෙම නිවුන් දරුවන් උපත ලබා ඇති බවයි.
ඒ අතරින් පිරිමි දරුවාට කෝවිඩ් ලෙසත් ගැහැණු දැරියට කොරෝනා ලෙසත් නම් තැබූ බවයි ඔවුන්ගේ මව වන ප්‍රීති වර්මා කියා සිටියේ.
කොරෝනා වෛරසය ලබාදුන් අමිහිරි අත්දැකීම් මැද මෙම දරුවන් උපන් හෙයින් එය සිහිවීම සදහායි වෛරසයේ නාමයන් ඔවුන්ට ලබා දී ඇත්තේ.
මෙම නාමය කවරකු විසින් හෝ භාවිතා නොකරනු ඇතැයි මුලදී විශ්වාස කළද රෝහල් කාර්ය මණ්ඩලය විසින් ද දරුවන් එම නාමයන්ගෙන් ඇමතීම සතුටක් බවද 27 හැවිරිදි ප්‍රිති වර්මා ප්‍රකාශ කරනවා.
මෙම නාමයන් තම දරුවන්ට ආශීර්වාදයක් වනු ඇති බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
මේ වන විට ඉන්දියාව තුල කොරෝනා ආසාදිතයන් 3082 ක් හා මරණ 86 ක් වාර්තා වන තත්ත්වයක් තුලයි මෙම නම් තැබීම වාර්තා වූයේ.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.