අටලුගමින් පනින අය අල්ලන්න බොල්ගොඩ ගඟේ යාත්‍රා මෙහෙයුම්

පානදුර අටලුගම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 5 දෙනෙකු හමුවීමත් සමඟ ග්‍රාම සේවා වසම් 7 ක් හුදෙකලා ප්‍රදේශ බවට පත් කිරීමෙන් පසු අටලුගම ගම්වාසීන් බොල්ගොඩ ගඟ හරහා හොර රහසේ අනෙකුත් ගම්මානවලට ඇතුලු වන බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව එවැනි ක්‍රියා මැඩලීම සඳහා බණ්ඩාරගම පොලීසිය හා පොලිස් නාවුක කොට්ඨාසය ඒකාබද්ධව බෝට්ටු සේවාවක් අද ආරම්භ කළ බවයි පොලිසිය සදහන් කළේ.

මෙම බෝට්ටු සේවාව මඟින් බොල්ගොඩ ගඟට මායිම්ව පිහිටි අටලුගම හා කිම්මන්තුඩාව ගම්මාන ආවරණය කෙරෙනවා.

අද දිනයේ එහි ප්‍රධාන මාර්ග සියල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලිකත්වයෙන් විෂබීජහරණයට ලක් කෙරුණා.

 

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.