පුංචි ජන්දයට නාම යෝජනා දීම අදින් අවසන්

පළාත් පාලන ආයතන 248ක් සදහා නාම යෝජනා භාර ගැනීම අද(21) මධ්‍යහ්න 12න් අවසන් වනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ නියමිත පරිදි ඉදිරිපත් නොකරන නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවයි. පළාත් පාලන ආයතන 248ට අදාල ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී තිබූ කාලය ඊයේ මධ්‍යහ්න 12 න් අවසන් විය. තැපැල් ඡන්ද අයදුම් කිරීමේ කාලසීමාව හෙට දිනයෙන් අවසන් වන බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

මේ අතර, නාම යෝජනා භාරදීමෙන් අනතුරුව පෙලපාලි හා රැස්වීම් සංවිධානය කිරීම තහනම් කර තිබෙනවා. නීතිවිරෝධී අයුරින් හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලීිසිය සඳහන් කළේ. නාමයෝජනා භාරදීම අවසන් වන අද(21) දිනයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල අවට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ පෙළපාලි යාම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති බවයි. එසේම පෙළපාලි සම්බන්ධයෙන් ගතයුතු පියවරයන් මේ වන විටත් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත ලිඛිත නියෝග පොලිස්පතිවරයා විසින් කර ඇති බවද ඔහු කියා සිටියා. මෙම නීති ප්‍රතිපාදන මුළු දිවයිනටම අදාළ වන බවත් පෙළපාලි යාම සම්පූර්ණයෙන් තහනම් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish