ආසියාවේ විශාලතම පැල්පත් සංකීරණය බරපතල කොරෝනා අවදානමක

ආසියාවේ විශාලතම පැල්පත් නිවාස සංකීරණය වන ඉන්දියාවේ මුම්බායි හී දාරාවී පැල්පත් සංකීරණය ආශ්‍රීතව නව කොරෝනා වෛරසය බිහිසුණු ආකාරයෙන් ව්‍යාප්ත විය හැකි බවට අනතුරු ඇගවීමක් නිකුත් වී තිබෙනවා.
මෙම පැල්පත් සංකීරණය තුල මිලියන එකහමාරක පමණ දිළිදු ජනකායක් වාසය කරන අතර ඔවුන් සියළු දෙනාම පාහේ වාසය කරන්නේ ඉතා සීමිත භූමි ප්‍රමාණයකයි.
කොරෝනා වෛරසයෙන් මිදීම සදහා පුද්ගල දුරස්ථභාවය රදවා ගැනීමට උපදෙස් ලබාදී තිබුණද දාරාවී පැල්පත් සංකීරණය තුල එය කිසිසේත්ම සිදුකළ නොහැක්කක් බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.
මේ වන විටත් එම පැල්පත් සංකීරණයෙන් ආසාදිතයන් 5දෙනකු හමුව ඇති අතර ඔවුන් හරහා විශාල පිරිසකට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට සැක පළ වනවා.
ඒ අනුව ලෝකයේ මීලග කොරෝනා කේන්ද්‍රස්ථානය බවට මුම්බායි නගරය පත්වීමේ බරපතල අවදානමක්ද මේ හරහා මතුව තිබෙනවා.
වර්ග කිලෝමීටර 5ක සීමිත භූමි කොටසක මිලියන එකහමාරක පිරිසක් වාසය කරන බැවින් මෙම කලාපය අවදානම ඉහළම ප්‍රදේශයක් ලෙසයි නම් කරනු ලබන්නේ.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.